Posts

Showing posts from November, 2020

අධ්‍යාපන චිකිත්සාව (Educational Therapy) පිළිබද ඔබ දැනුවත් ද?

Image
  1.      “අධ්‍යාපන චිකිත්සාව” ( Educational Therapy) යනු, o    ඉගෙනුම් දුබලතා හා ඉගෙනුම් ගැටළු සහිත දරුවන් හට විවිධ වූ චිකිත්සක ක්‍රම උපයෝගී කරගනිමින් ලබා දෙන්නා වූ සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයකි.     2.      “අධ්‍යාපන චිකිත්සාව” කා සදහාද? o    ඉගෙනුම් දුබලතා සහිත දරුවන් හට o    සෙමින් ඉගෙන ගන්නා දරුවන් හට o    විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හට o    ඉගෙනුම ට අකැමැත්තක් ඇති හා පාසල් යාම ප්‍රතික්ෂේප කරන දරුවන් හට     3.      අධ්‍යාපන චිකිත්සාවේ අන්තර්ගතය කුමක්ද? o    නිවැරදි තක්සේරුකරණය o    දරුවාටම ආවේනික වූ සුවුශේෂී අධ්‍යාපන සැලසුම්කරණය ( Individual Education Plan) o    දරුවාගේ හැකියා හා ශක්තින් අනුව චිකිත්සක ක්‍රම හරහා අධ්‍යාපන ගැටළු වලට විසදුම් ඉදිරිපත් කිරීම o    පසු ඇගයුම් මගින් දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලියේ ප්‍රගතිය සෙවීම   4.      අධ්‍යාපන චිකිත්සාව ලබා ගත හ...

දරුවාගේ “කථන හා භාෂා වර්ධනයේ ප්‍රමාදය” වලක්වා ගැනීමට නිවසේදී කල හැකි දේවල්.....

Image
    අද වන විට බොහෝ දෙමවුපියන් මුහුණ දෙන තත්වයක් ලෙස   දරුවන්ගේ “කථන හා භාෂා ප්‍රමාදය”   හදුන්වා දිය හැකිය. ඒ සදහා ඇතැම් විට දෙමවුපියන් නොසිතා සිදුකරන බොහෝ දේ හේතු බවට පත් වී ඇත. ඔබේ දරුවා ටත් වයසට සරිලන පරිදි කථාව හා භාෂාව වර්ධනය නොවූ දරුවෙකු නම් දෙමවුපියන් ලෙස ඊට හේතු වූ කරුණු සොයා බැලීම ඉතාමත් වැදගත් වේ. ඉන් පසු අවශ්‍යතාවය මත වෛද්‍යවරයෙකු හෝ චිකිත්සකවරයෙකු වෙත යොමු වීම ඉතාමත් වැදගත්. අද මෙම ලිපිය තුලින් සරලව ඉදිරිපත් කරනු ලබන්නේ සැම දෙමවුපියෙකු ටම තම දරුවාගේ කතාව හා භාෂාව   මනා ලෙස වර්ධනය කර ගැනීමට කල හැකි දේවල් කිහිපයකි. වර්තමානයේ බොහෝ දරුවන් පරිසරයත් සමග සම්බ න්ධ වන ප්‍රමානය ඉතාමත් අඩු වී ඇත. දෙමවුපියන්ගේ කාර්යබහුලත්වයත් සමග දරුවන්   දෙමවුපියන් සමග සිටින කාලය ද සිමා වී ඇත. නමුත්, දරුවන් හට පරිසරයත් සමග ගැටෙමින් ලබා ගන්නා අත්දැකීම් හා පරිසරයෙන් ලැබෙන උත්තේජන නිසි වර්ධනය සදහා ඉතාමත් වැදගත් බව ඔබ සිතුවාද?   ඒ නිසා ඔබත් ඔබේ දරුවා සමාග ගත කරන කාලය අවම නම්, දරුවා පරිසරයට සම්භන්ධ කරන කාලය අඩු නම් ඒ පිළිබද සිතා ඊට අවශ්‍ය කාලය වෙන් කරගැනීම ප්‍රථමයෙන...

දරුවන් තුළ සැගවී තිබිය හැකි “ඉගෙනුම් දුබලතාවය” හදුනා ගනිමු.

Image
  දරුවන් තුළ සැගවී   තිබිය හැකි “ඉගෙනුම් දුබලතාවය” හදුනා ගනිමු. බොහෝ දෙමවුපියන්ට තියෙන බලාපොරොත්තුවක්   තමයි තමන්ගේ දරුවා ඉගැනිමෙහි දක්ෂයෙක්   වනවා දැකීම. ඒ නිසාවෙන් ම දරුවා ගේ පොඩි හෝ දුර්වල කමක් දුටු විගස ඒ සදහා කටයුතු කිරීමට දෙමවුපියන් සිදු කරන දෙයක්. කුඩා කල සිටම දරුවාගේ අධ්‍යාපනය ට අවශ්‍ය පසුබිම සැකසීම, ඊට උපකාරී වන ක්‍රියාකාරකම් කිරීම ආදී බොහෝ දේ දරුවා සමග සිදු කරන්නේ ඒ නිසාවෙනි. නමුත් ඇතැම් දරුවන් ඉගෙනීමේ ලා අපේක්ෂිත දස්කම නොපෙන්වති. ඇතැමුන් ඉගැනීම් කටයුතු කෙරෙහි මැලි බවක් පෙන්වීමේ සිට අවසානයේ   පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම දක්වා ගමන් කර හැකිය. නමුත්, කුඩා කල සිට දරුවා පෙන්නුම් කරන ඇතැම් ලක්ෂණ කල් තියා හදුනා ගැනීම තුලින් ඊට අවශ්‍ය සුදුසු පිළියම් සිදු කිරීමට අපට හැකියාව පවතී. “ඉගෙනුම් දුබලතාවය” යනු දරුවකු ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුල පෙන්නුම් කරන්නා වූ දුර්වල තත්වයකි. එහි වර්ග කිහිපයකි. 1.        ඩිස්ලෙක්සියා තත්වය කියවීම හා භාෂා ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුම් දුබලතා තත්වයකි. දෑස ඔස්සේ ලැබෙන ලිඛිත රූප අර්ථවත් ...

කථන හා භාෂා චිකිත්සාව (Speech and Language Therapy) පිළිබද ඔබ දැනුවත් ද ?

Image
 කථන හා භාෂා චිකිත්සාව  (Speech and Language Therapy) වර්තමානයේ   බොහෝ දෙනෙකු දරුවන්ගේ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් දෙමින් කටයුතු කරනු දැක ගත හැකිය. එත් සමගම, දරුවන් ගේ ඇති වන සුළු හෝ පසුබෑම් පිළිබද දෙමවුපියන් බොහෝ සේ   අවධානය දෙමින් කටයුතු කිරීම සතුටට කරුණකි. අද වන විට ශ්‍රී ලංකාව තුල තරමක් ප්‍රචලිත චිකිත්සක ක්‍රමවේදයක් ලෙස කථන හා භාෂා චිකිත්සාව   ( Speech and Language Therapy ) හදුන්වා දිය හැකිය. කථන හා භාෂා චිකිත්සාව   යනු චිකිත්සක ක්‍රම උපයෝගී කරගනිමින් දරුවන්ගේ හා වැඩිහිටියන් තුල පවතින කතාව, භාෂාව, සන්නිවේදන, කටහඩ හා ආහාර ගිලීමේදී ඇතිවන ගැටළු සදහා උපකාරී වන්නා වූ චිකිත්සවකි.. විශේෂයෙන් ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, වර්ධන ප්‍රමාද සහිත දරුවන් නිරන්තරයෙන්ම මෙම චිකිත්සාව වෙත යොමු වෙති. කථන හා භාෂා චිකිත්සාව   ( Speech and Language Therapy ) ලබා දෙනු ලබන්නේ කතන හා භාෂා චිකිත්සක වරයෙකු /වරියක (Speech and Language Therapist) විසිනි. අද වන විට කතන හා භාෂා චිකිත්සක වරුන් (Speech and Language Therapist) ලංකාව පුරා විසිරි පැතිරී සිටින අතර බොහෝ ...

සාක්ෂරතාවයේ සංවර්ධන අවදීන් (Literacy Milestone) හදුනා ගනිමු.

Image
  සාක්ෂරතාවයේ සංවර්ධන අවදීන් ( Literacy Milestone ) හදුනා ගනිමු. ඔබේ දරුවා ගේ වයස ට   තිබිය යුතු සාක්ෂර කුසලතා පිළිබද ඔබ දැනුවත් වීම දෙමවුපියන් වශයෙන් බොහෝ වැදගත් වේ. ඒ අනුව, ඔබේ දරුවා , අවු 0-2    අතර නම් ·               කියවීම රසවිදියි. ·               කෙටි හා සරල කතා වලට අවධානය දෙයි. ·               පොත් වල පිටු පෙරලයි. ·               පින්තුර ඇගිල්ලෙන් පෙන්වයි. (Pointing) ·               බොහෝ නාම පද, ක්‍රියා පද හදුනයි.   අවු 2-3 අතර නම් ·               පොත නිවැරදිව අල්ලයි. ·               කෙටි හා සරල ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. ·    ...