දරුවන් තුළ සැගවී තිබිය හැකි “ඉගෙනුම් දුබලතාවය” හදුනා ගනිමු.
දරුවන් තුළ සැගවී තිබිය හැකි “ඉගෙනුම් දුබලතාවය” හදුනා ගනිමු.
බොහෝ දෙමවුපියන්ට තියෙන බලාපොරොත්තුවක් තමයි තමන්ගේ දරුවා ඉගැනිමෙහි දක්ෂයෙක් වනවා දැකීම. ඒ නිසාවෙන් ම දරුවා ගේ පොඩි හෝ
දුර්වල කමක් දුටු විගස ඒ සදහා කටයුතු කිරීමට දෙමවුපියන් සිදු කරන දෙයක්. කුඩා කල
සිටම දරුවාගේ අධ්‍යාපනය ට අවශ්‍ය පසුබිම සැකසීම, ඊට උපකාරී වන ක්‍රියාකාරකම් කිරීම
ආදී බොහෝ දේ දරුවා සමග සිදු කරන්නේ ඒ නිසාවෙනි.
නමුත් ඇතැම් දරුවන් ඉගෙනීමේ ලා අපේක්ෂිත දස්කම
නොපෙන්වති. ඇතැමුන් ඉගැනීම් කටයුතු කෙරෙහි මැලි බවක් පෙන්වීමේ සිට අවසානයේ පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම දක්වා ගමන් කර
හැකිය. නමුත්, කුඩා කල සිට දරුවා පෙන්නුම් කරන ඇතැම් ලක්ෂණ කල් තියා හදුනා ගැනීම
තුලින් ඊට අවශ්‍ය සුදුසු පිළියම් සිදු කිරීමට අපට හැකියාව පවතී.
“ඉගෙනුම් දුබලතාවය” යනු දරුවකු ඉගැනුම් ඉගැන්වීම්
ක්‍රියාවලිය තුල පෙන්නුම් කරන්නා වූ දුර්වල තත්වයකි. එහි වර්ග කිහිපයකි.
1.
ඩිස්ලෙක්සියා තත්වය
කියවීම හා භාෂා ක්‍රියාකාරකම් පදනම් කරගත්
ඉගෙනුම් දුබලතා තත්වයකි. දෑස ඔස්සේ ලැබෙන ලිඛිත රූප අර්ථවත් භාෂාවත් බවට පරිවර්තනය
කර ගැනීමට නොහැකිවීමේ මොලයේ පවත්නා දුබලතාවක් මිට හේතු වේ.
2.
ඩිස්කල්කුලියා තත්වය
මෙය ඉගැනුම් දුබලතාවයක් වන අතර ගණිතයේ දුර්වලතා
සහිත විශේෂිත තත්වයකි. එය මුලිකවම සංඛ්‍යා තේරුම් ගැනීම, ඉලක්කම් හදුනා
ගැනීම, සංඛ්‍යා එකතු කිරීම, අඩු කිරීම,
ගුණ කිරීම හා බෙදීම වැනි මුලික ගණිත සංකල්ප කෙරෙහි බලපායි. තවද, ක්‍රියාකාරී මතකයේ
ගැටළු ද පවතී.
3.
ඩිස්ග්රෆියා තත්වය
දරුවකුගේ ඇත අකුරු ලිවීමේ හැකියාව හා සියුම් චාලක
කුසලතා කෙරෙහි බලපාන තත්වයකි. අවිනිශ්චිත අත් අකුරු ලිවිම, නොගැලපෙන පරතරය,කඩදාසිය
මත අවකාශීය සැලසුම් දුර්වල වීම, අක්ෂර වින්‍යාසය දුර්වල වීම සහ ලිවීමට අපහසු වීම
මෙන්ම එකවර යම් දෙයක් පිළිබද සිතීමේදී ද ගැටළු ඇති කරන තත්වයකි.
4.
ඩිස්ප්‍රක්සියා තත්වය
ඩිස්ප්‍රක්සියා යනු ස්නායු ආබාධයකි. එය දරුවාගේ
චාලක ක්‍රියාවන් සැලසුම් කිරීමට හා සැකසීමට ඇති හැකියාව කෙරෙහි බලපායි.
5.
ඇපෙශියා තත්වය
ඇපෙශියාව යනු මොලයේ භාෂා කොටස් වලට හානි වීමෙන් ඇතිවන
සන්නිවේදන අපහසුතාවයකි. එහිදී අදහස් සම්පුර්ණ කිරීමට , නිවැරදිව කතා කිරීමට, සංවාද
තේරුම් ගැනීමට හා වචන සොයා ගැනීමට අපහසුතා
ඇති කරයි.
6.
දෘෂ්‍ය සැකසුම් අබාධය
මෙහිදී ඇස හරහා ලබා ගත තොරතුරු පිළිබද හැගීමක්
ඇතිකිරීමේ හැකියාව අඩු කරයි. මෙය පෙනීම සම්බන්ධ ගැටළුවක් නොවෙයි. තවද, පසුබිම හා ආකෘතිය,
ප්‍රමාණය,අවකාශයේ පිහිටීම අනුව වෙන් කර හදුනා ගැනීම ට ගැටළු පවතී.
7.
ශ්‍රවණ සැකසුම් ආබාධය
මෙහිදී අනෙක් දරුවන්ට මෙන්ම ඇසෙන නමුත් ඇසෙන දේ
සකසා ගැනීම හෝ ඒ අනුව කටයුතු කිරීම ගැටලුකාරී වෙයි.
ඔබේ දරුවා ත් මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරනවා විය
හැකිය. නමුත්, ඒ සදහා සිදු කල යුත්තේ කුමක් දැයි සිතුවාද?
මෙවැනි ගැටළු සහිත දරුවන් ට සාමාන්‍ය පන්තිකාමරයේ
ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ වීමේදී ඇති වන ගැටළු අග හරවා ගැනීමට අවශ්‍ය
පසුබිම අධ්‍යාපන චිකිත්සාව මගින් සකසා ගැනීමේ හැකියාව පවතී.
Beyond
Speech Therapy Center
Educational
Therapy Department
077-939202

Comments
Post a Comment