ඔබේ දරුවකුගේ නිසි භාෂා වර්ධනය ට ඔබට කළ හැකි දේවල් 08 ක් ....

 



වර්තමානය වන විට දෙමව්පියන් බොහෝ කාර්ය බහුල වීම තුළින් දරුවන්ට දරුවන්ගේ නිසි වර්ධනය ට අවශ්‍ය වන උත්තේජන නිසි ලෙස නොලැබීයාම සුලබ තත්ත්වයක් බවට පත්ව ඇත. ඒ නිසාවෙන් ම බොහෝ දරුවන් ගේ කතාව හා භාෂා වර්දනයේ ප්‍රමාදයක් පැවැත්වීම ද දැකගත හැකි තත්වයකි.

අතීතයේදී බොහෝ දරුවන් පරිසරය සමඟ බද්ධ වෙමින් කාලය ගත කිරීමෙන්  හා පරිසරය හා සමග බද්ධ වෙමින් සෙල්ලම් කරමින් අත්දැකීම් ලබමින් කල් ගත කළේය. නමුත් වර්තමානය වන විට දරුවන් බොහෝ කාර්ය බහුල වී සිටින්නේ ජංගම දුරකතන හා රූපවාහිනී තිර ඉදිරිපිට වීම කාලය සමඟ ඇති වූ වෙනසකි.

දරුවෙකු භාෂාව ඉගෙන ගැනීම ආරම්භ වන්නේ මව්කුස පිළිසිඳ ගත් දා පටන් ය. මව් කුසින් මෙලොව එළිය දුටු දා සිට දරුවන් භාෂාව, කතාව හා සන්නිවේදනය කිරීමට ඉගෙන ගනු ලබන්නේ පරිසරයෙන් ලැබෙන උත්තේජන, දෙමව්පියන් හා පරිසරයෙන් ඇති වෙන ශබ්ද හඳුනාගැනීම,  සමිපතයින් සමග කාලය ගත කිරීම,


සෙල්ලම් කිරීම තුළින් ලබාගන්නා අත්දැකීම් හා අභියෝග ජයග්‍රහණය තුළිනි.

නමුත් වර්තමානයේ මෙවන් උත්තේජන නොලැබී යාමේ ප්‍රතිඵලයක් ලෙස දරුවන් ගේ කතාව භාෂාව හා සන්නිවේදනය මෙන්ම බුද්ධිමය කුසලතා හා පෞරුෂ වර්ධන ගැටලු ඇති වන බව පරීක්ෂණ මගින් සොයාගෙන ඇත. ඔබටත් කථන හා භාෂා වර්ධනය ප්‍රමාදයක් සහිත දරුවකු සිටී නම් හෝ දරුවාගේ නිසි වර්ධනය කෙරෙහි වූ උනන්දු වන දෙමව්පියෙකු නම් මෙවන් දේ දරුවා සමඟ අත්හදා බැලීමට පුළුවන්.

01. දරුවාට පරිසරය හා සමඟ මුසු වෙමින් කටයුතු කිරීමට කාලයක් වෙන් කරන්න.   

මෙමගින් දරුවා පරිසරය ආශ්‍රය කර ගනිමින් වචනය ඉගැනීම, අත්දැකීම් ලබාගැනීම හා  ප්‍රශ්න කරමින් ඉගෙනීමට පෙළඹීම සිදු වේ.

02. දරුවා සමග අධ්‍යාපන  ක්‍රියාකාරකම් වලට පමණක් සීමා නොකරමින් සෙල්ලම් කිරීමටත් කාලයක් ලබා දෙන්න.

මන්ද බොහෝ දෙමවුපියන් දරුවන් ඉපදීමත් සමඟ ම ඔවුන්ගේ අධ්‍යාපන වර්ධනය ට අවශ්‍ය වන්නා වූ ක්‍රියාකාරකම් කරමින් දරුවා කාර්යබහුල කිරීම ත් සමග ම  දරුවා තුලින් සෙල්ලම ගිලිහී යාමට ඇති ඉඩකඩ බොහෝ ය. එම නිසා අධ්‍යාපන  ක්‍රියාකාරකම් මෙන්ම සෙල්ලම් කිරීමට ද කාලයක් ලබාදීම මෙන්ම ඔබ අපේක්ෂා කරන අරමුණු සෙල්ලම තුළින් දරුවාට ලබාදීම ද ඉතාමත් සුදුසු බව අද වන විට සොයාගෙන ඇත.

03. දරුවාගේ වයසට සරිලන ලෙස සෙල්ලම් බඩු තෝරා ගෙන දරුවාට ලබා දෙන්න.

මව්පියන් ලෙස ඔබ දරුවාට තෑග්ගක් දෙන විට හෝ සෙල්ලම් බඩු මිලදී ගන්නා විට දරුවාගේ භාෂාව, බුද්ධිය වර්ධනය වීමට උපකාරී වන ලෙස ඒවා තෝරාගන්න. එමෙන්ම බොහෝ සෙල්ලම් බඩු භාවිතයට සුදුසු වයස සඳහන් කර ඇති බැවින් දරුවාගේ වයසට සුදුසු සෙල්ලම් බඩු තෝරා ගැනීමට උනන්දු වන්න.

04. දරුවා ජංගම දුරකථන හා රූපවාහිනී තිරය ඉදිරිපිට ගත කරන කාලය අවම කරන්න.

අවුරුදු දෙක දක්වා දරුවන් හට  Screen time ලබා නොදෙන ලෙස WHO පවා පිළිගෙන ඇති පසුබිමක දරුවා තිරය ඉදිරිපිට කාර්යබහුල කිරීම තුළින් දරුවාගේ චින්තනය හා බුද්ධිමය වර්ධනය ගැටලු ඇති විය හැකි බැවින් එම කාලය වෙනත්  ක්‍රියාකාරකමක් කිරීම සඳහා යොදා ගැනීම වඩාත් පල දායක වනු ඇත.

05. ඔබ කාර්යබහුල වුවත් දරුවා සමඟ ගත කිරීමට සුළු කාලයක් හෝ වෙන් කරන්න.

එම කාලය තුළ දී දරුවා සමග ගීත  ගායනා කිරීම, කතන්දර කියා දීම, සෙල්ලම් කිරීම, සතුටු සාමීචියේ යෙදීම හා සන්නිවේදනයේ යෙදීම ආදී බොහෝ දේ ඔබට සිදු කිරීමට හැකිය.

06. දරුවා සමඟ සරල වචන භාවිතයෙන් සන්නිවේදනයේ යෙදෙන්න.

 

07. දරුවා සමග ගීත ගායනයට, කතන්දර කියා දීමට කාලයක් වෙන් කර ගන්න.

 

08. දරුවා හට සහෝදර සහෝදරියන් සමග කාලය ගත කිරීමට, එක්ව වැඩ කිරීමට හෝ සම වයස් දරුවන් සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන්න.

ඒ තුලින් දරුවාගේ සමාජ කුසලතා මෙන්ම සන්නිවේදන කුසලතා ද දියුණු කර ගැනීමට ඔබට හැකියාව ඇත.






Comments

Popular posts from this blog

දරුවන් තුළ සැගවී තිබිය හැකි “ඉගෙනුම් දුබලතාවය” හදුනා ගනිමු.

කථන හා භාෂා චිකිත්සාව (Speech and Language Therapy) පිළිබද ඔබ දැනුවත් ද ?