“ඔටිසම් තත්වය” සහිත දරුවෙකු ට චිකිත්සාවන් ආරම්භ කල යුත්තේ කුමන වයසේදී ද?

දරුවෙකු ට ඔටිසම් තත්වය ඇති බවට වෛද්‍ය වරයෙකු විසින් රෝග විනිශ්චය ලබා දුන් මොහොතේ සිට දෙමවුපියන් හට බොහෝ ගැටළු පැන නගිති. ඒ අතර, F මොකද්ද මේ ඔටිසම් කියන්නේ? F අප දැන් කල යුත්තේ කුමක්ද? F දරුවා දියුණු වේවිද? F අපි යන්න ඕනි කොහෙටද? කා ලගටද? F මොනවද කරන්න ඕන Therapy? F Therapy පටන් ගන්න ඕනි වයස කුමක්ද? ඉන් සමහරකි. මේ ගැටළු සියල්ලෙන් ම අප අවසාන ගැටලුව පමණක් අද සාකච්චා කිරීමට සිතුවා. බොහෝ විට දරුවන් තුල පවතින ඔටිසම් තත්වය අවුරුදු 3 වන විට හෝ ඊට ප්‍රථම හදුනා ගන්න පුළුවන් කම තිබේ. එම රෝග විනිශ්චය එක් එක් දරුවාට ලැබෙන කාලය වෙනස් වීමට ඉඩ කඩ පවතී. මන්ද, ඇතැම් දෙමවුපියන් මෙහි ලක්ෂණ ඉතාමත් ඉක්මනට හදුනා ගෙන වෛද්‍යවරයෙකු වෙත යොමු වන අතර තවත් සමහර දෙමවුපියෙකු මෙම රෝග විනිශ්චය ලබා ගැනීමට කල් ගත කරති. නමුත් කිව යුතු දෙය වන්නේ ඔබේ දරුවාගේ වර්ධය පිළිබද ගැටළුවක් ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඒ පිළිබද හැකි විගස හදුනා ගැනීම වැදගත් බවයි. මෙහිදී ඇතිවන තවත් ගැටළුවක් වනුයේ, ඇතැම් දෙමවුපියන් දරුවාගේ රෝග විනිශ්චය කල් තියා ලබා ගත්තත...