ඔබත් විශේෂ අවශ්යතා සහිත දරුවෙකුගේ දෙමව්පියෙකු ද ?
විශේෂ
අවශ්යතා සහිත දරුවන් පිළිබඳ අද වන විට බොහෝ දෙනා කතා බහට ලක් කරනවා. එමෙන්ම නිතර ඇසෙන සහ දකින මාතෘකාවක් බවට පත්වී
තිබෙනවා.
විශේෂ
අවශ්යතා සහිත දරුවකු සිටින දෙමව්පියෙක් හෝ ගේ වගකීම කෙබඳු ද? ඒ සමගම ඔවුන් ක්‍රියා කළ යුත්තේ කෙසේද? අද මෙම ලිපියෙන් කතා කතා කරන්න බලාපොරොත්තු
වෙන්නේ ඒ පිළිබඳවයි.
බොහෝවිට
උපතේදී හෝ උපතින් පසුව විශේෂ අවශ්යතා සහිත දරුවන් නිර්ණය කරනු ලබති. එහිදී විශේෂ අවශ්යතා සහිත දරුවන් විවිධ කාණ්ඩ වලට
වෙන් කරති. එහිදී ශාරීරික ආබාධ, කායික ආබාධ, හා මානසික ආබාධ යනුවෙන් ප්‍රධාන කොටස් ත්‍රිත්වයක්
ඇත. මේ කුමන කාණ්ඩයට අයත් විශේෂ අවශ්යතා සහිත දරුවකු
සිටින දෙමව්පියෙකුට, සාමාන්‍ය දරුවකු සිටින දෙමව්පියෙකු ට වඩා විශේෂ වූ භූමිකාවක් තිබෙනවා. එය හඳුනා ගැනීම හා ඒ ඒ අනුව කටයුතු
කිරීම ඉතාමත් වැදගත් වන්නේ ඒ නිසාවෙනි.
විශේෂයෙන්ම,
විශේෂ අවශ්යතා සහිත දරුවකුගේ වර්ධනය, අධ්‍යාපනය, සමාජගත කිරීම, වැනි කරුණු මෙන්ම
වයසත් සමඟ ඔවුන් රැකියා ගත කිරීම පිළිබඳ සුවිශේෂී අරමුණකින් කටයුතු කිරීම
දෙමව්පියන්ගේ හිස මත තිබෙන ප්‍රධාන කරුණු වේ. මෙම තත්ත්වය හඳුනා ගත් මොහොතේ සිටම ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම උදෙසා අවශ්‍ය පහසුකම් සලසා
දීම එනම් චිකිත්සක සේවා ලබාදීම දෙමාපියන්ගේ ප්‍රධාන වගකීමක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ අනුව අද වන විට
මෙම දරුවන් උදෙසා විවිධ වූ චිකිත්සක සේවා බොහොමයක් පවතිනවා. එනම් කථන හා භාෂා
චිකිත්සාව, වෘත්තීය චිකිත්සාව, අධ්‍යාපන චිකිත්සාව, මනෝ උපදේශනය ඒ අතර ප්‍රධාන
වෙනවා එමෙන්ම විවිධ වූ හැසිරීම් හා චර්යා ගැටලු පවතින දරුවන් සඳහා චර්යාත්මක ප්‍රතිකාර
ද අද වන විට ප්‍රචලිත ව පවතිනවා .එම
නිසාම තමා දරුවාගේ අවශ්‍යතාවය අනුව දරුවාට අවශ්‍ය චිකිත්සක සේවා වෙත කුඩා කල සිටම
යොමු කිරීම තුළින් කල්යත්ම සාධනීය වර්ධනයක් කරා ලගා වන්නට පුළුවන්. අද වෙන විට
බොහෝ රජයේ හා පෞද්ගලික අංශයේ රෝහල් තුළින් ඔබ සියලු දෙනාටම මෙම සේවාවන් ලබාගත
හැකිය.
දරුවාගේ
කුසලතා වර්ධනය කර ගැනීමත් සමඟම ඇතිවන ඊළඟ ගැටලුව වන්නේ දරුවාට නිසි අධ්‍යාපනයක්
ලබාදීමයි. ඒ සදහා මේ වන විට ලංකාව තුළ විශේෂ අධ්‍යාපන පාසල්,
සාමාන්‍ය පාසල තුළ වූ විශේෂ අධ්‍යාපන ඒකක, මෙන්ම අන්තර්කරණය වූ පන්ති කාමර ද
පවතිනවා. විශේෂයෙන්ම මෙවන් වීශේෂ
අවශ්‍යතා සහිත දරුවන්ගේ කුසලතා තක්සේරුකරණයක ට ලක් කොට ඔවුන් නිසි ලෙස අධ්‍යාපනය ට
යොමු කිරීම වැදගත්. අද වන විට ලෝකය තුළ
පිළිගන්නා ක්‍රමය වන්නේ අන්තර් කරණය තුලින් මෙම දරුවන් මැනවින් අධ්‍යාපන
කටයුතුවලට සම්බන්ධ කරගත හැකි බවයි. එනම් විශේෂ අවශ්යතා සහිත දරුවන් ද සාමාන්‍ය
පංති කාමරයේ අධ්‍යාපනය ලබාදීම අන්තර්කරණය ලෙස හදුන්වනවා. නමුත් අද වන විට ලංකාවේ
මෙම ක්‍රමය එතරම් ප්‍රචලිත ක්‍රමයක් නොවන අතර ඒ සඳහා විශේෂ අධ්‍යාපන ඒකක හා විශේෂ
අධ්‍යාපන අධ්‍යාපනික පාසල් ප්‍රමුඛ කොට සලකනවා. නමුත් ඔබගේ දරුවාගේ පවතින තත්ත්වය මත පදනම් කොට ගෙන නිසි
අධ්‍යාපන ක්‍රමවේද වෙත යොමුවීම ඉතාමත්
වැදගත් වෙනවා.
දෙමාපියෙකු
ලෙස ඔබගේ වගකීම වන්නේ දරුවා හඳුනා ගත් මොහොතේ සිට උත්සාහයෙන් සහ උනන්දුවෙන් මෙන්ම
කැපවීමෙන් දරුවා සමග කටයුතු කිරීයි. එනම්, අවශ්‍ය වන්නාවූ චිකිත්සක ක්‍රම හා අධ්‍යාපන
ක්‍රමවේද ලබා දෙමින් දරුවා නිසි වර්ධනය කරා ළඟා කර ගැනීමයි. ඒ සඳහා ඔබ නිසි මානසික
මට්ටමකින් කටයුතු කිරීම හා නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
අද වන විට ඔබට මේ පිළිබද යම් කිසි ගැටළුවක් පවතිනවා නම් ඔබට සේවා සපයා ගත හැකි
ස්ථාන රැසකුත් පවතිනවා. එනම් රජයේ රෝහල්වල පවතින ළමා සායන, දරුවා රැගෙන යන අනෙකුත්
සායන මෙන්ම ඔබ සේවා සපයා ගන්නා චිකිත්සකවරුන් හා අධ්‍යාපන වේදීන්ගෙන් ඔබට නිසි
අවබෝධයක් ලබාගත හැකියි.
Beyond Speech Therapy Center
077-9392402
Comments
Post a Comment