කථන හා භාෂා චිකිත්සාව (Speech and Language Therapy) පිළිබද ඔබ දැනුවත් ද ?
කථන හා භාෂා චිකිත්සාව (Speech and Language Therapy)
වර්තමානයේ
බොහෝ දෙනෙකු දරුවන්ගේ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් දෙමින් කටයුතු කරනු
දැක ගත හැකිය. එත් සමගම, දරුවන් ගේ ඇති වන සුළු හෝ පසුබෑම් පිළිබද දෙමවුපියන් බොහෝ
සේ අවධානය දෙමින් කටයුතු කිරීම සතුටට
කරුණකි.
අද වන විට ශ්‍රී ලංකාව තුල තරමක් ප්‍රචලිත
චිකිත්සක ක්‍රමවේදයක් ලෙස කථන හා භාෂා චිකිත්සාව
(Speech and
Language Therapy)
හදුන්වා දිය හැකිය.
කථන හා භාෂා චිකිත්සාව යනු චිකිත්සක ක්‍රම උපයෝගී කරගනිමින් දරුවන්ගේ
හා වැඩිහිටියන් තුල පවතින කතාව, භාෂාව, සන්නිවේදන, කටහඩ හා ආහාර ගිලීමේදී ඇතිවන
ගැටළු සදහා උපකාරී වන්නා වූ චිකිත්සවකි.. විශේෂයෙන් ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්,
වර්ධන ප්‍රමාද සහිත දරුවන් නිරන්තරයෙන්ම මෙම චිකිත්සාව වෙත යොමු වෙති.
කථන හා භාෂා චිකිත්සාව (Speech and Language Therapy) ලබා දෙනු ලබන්නේ කතන හා භාෂා චිකිත්සක වරයෙකු
/වරියක (Speech and
Language Therapist) විසිනි.
අද වන විට කතන හා භාෂා චිකිත්සක වරුන් (Speech and Language Therapist) ලංකාව පුරා විසිරි පැතිරී සිටින අතර බොහෝ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල් , පෞද්ගලික සායන,
පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ඇතැම් පාසල්
වල කටයුතු කරන අතර හා නිවෙස් බැහැ දැකීම් (Home visit) ද සිදු කරනු ලබයි.
කථන හා භාෂා චිකිත්සකවරයෙකු සේවා ලබා දෙන්නේ දරුවන්
තුල පවතින කුමන තත්ත්ව සදහා ද ?
දරුවන් තුල පවතින,
·
කථන හා භාෂා ප්‍රමාදය (Speech and Language Delay)
·
ඔටිසම් වර්ණාවලි තත්වය (Autism Spectrum Disorder)
·
ඩවුන් සින්ඩ්‍රෝම තත්වය ( Down’s Syndrome)
·
අධි ක්‍රියාකාරිත්වය (ADHD)
·
මස්තිෂ්ක ආඝාදයCerebral Palsy)
·
ඉගෙනුම් දුබලතා ( Learning Disability)
·
ශබ්ද උච්චාරණයේ ගැටළු (Articulation/Phonological Disorder)
·
ගොත ගැසීම (Stammering)
·
ගිලීමේ අපහසුතා (Dysphagia)
වැඩිහිටියන් තුල පවතින,
·
අපෙශියා තත්වය (Aphasia)
·
ඩිසාත්‍රියා තත්වය (Dysarthria)
·
අප්‍රක්ෂියා තත්වය (Apraxia)
·
ගිලීමේ අපහසුතා (Dysphagia)
·
ගොත ගැසීම (Stammering)
·
කටහඩේ ගැටළු ආදී (Voice Disorder) ආදී තත්වය සදහා තම සේවා ලබා දෙනු ලබයි.
ඒ අනුව,
ප්‍රථමයෙන් කතන හා භාෂා චිකිත්සකවරයා විසින් ගැටලුව සහිත දරුවා හෝ වැඩිහිටි
පුද්ගලයා නිවැරදි තක්සේරුවකට ලක් කරන අතර ඉන් පසුව නිවැරදි රෝග විනිශ්චයකට පැමිණීම සිදුවේ. ඉන් පසුව
චිකිත්සක ක්‍රම උපයෝගී කරගනිමින් ප්‍රතිකාර කිරිමසිදු ක්ටනු ලබයි. චිකිත්සා කාල
සිමාව පුද්ගලයා ගෙන් පුද්ගලයාට හා දරුවා ගෙන් දරුවාට වෙනස් වන අතර අපේක්ෂිත ලෙස
වර්ධනය සිදු වූ විට චිකිත්සනය නිමා කිරීම සිදු වේ.
ඔබේ දරුවා ට ත් මෙවැනි ගැටළු පවතී නම් ඔබ දැනටමත්
කථන චිකිත්සාව වෙත යොමු වී නැත්නම් කථන කථන හා භාෂා චිකිත්සකවරයෙකු ගේ සහය ලබා ගැනීමට
“Beyond Speech Therapy Center” - 0779392402
අමතන්න.
Beyond Speech Therapy Center
Speech and Language Therapy Unit
077-9392402
Comments
Post a Comment