“ඔටිසම් තත්වය” සහිත දරුවෙකු ට චිකිත්සාවන් ආරම්භ කල යුත්තේ කුමන වයසේදී ද?

 




දරුවෙකු ට ඔටිසම් තත්වය ඇති බවට වෛද්‍ය වරයෙකු විසින් රෝග විනිශ්චය ලබා දුන් මොහොතේ  සිට දෙමවුපියන් හට බොහෝ ගැටළු පැන නගිති. ඒ අතර,

F  මොකද්ද මේ ඔටිසම් කියන්නේ?

F  අප දැන් කල යුත්තේ කුමක්ද?

F  දරුවා දියුණු වේවිද?

F  අපි යන්න ඕනි කොහෙටද? කා ලගටද?

F  මොනවද කරන්න ඕන Therapy?

F  Therapy පටන් ගන්න ඕනි වයස කුමක්ද? ඉන් සමහරකි.

මේ ගැටළු සියල්ලෙන් ම අප අවසාන ගැටලුව පමණක් අද සාකච්චා කිරීමට සිතුවා.

බොහෝ විට දරුවන් තුල පවතින ඔටිසම් තත්වය අවුරුදු 3 වන විට හෝ ඊට ප්‍රථම හදුනා ගන්න පුළුවන් කම තිබේ.  එම රෝග විනිශ්චය එක් එක් දරුවාට ලැබෙන කාලය වෙනස් වීමට ඉඩ කඩ පවතී. මන්ද, ඇතැම් දෙමවුපියන් මෙහි ලක්ෂණ ඉතාමත් ඉක්මනට හදුනා ගෙන වෛද්‍යවරයෙකු වෙත යොමු වන අතර තවත් සමහර දෙමවුපියෙකු මෙම රෝග විනිශ්චය ලබා ගැනීමට කල් ගත කරති. නමුත් කිව යුතු දෙය වන්නේ ඔබේ දරුවාගේ වර්ධය පිළිබද ගැටළුවක් ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඒ පිළිබද හැකි විගස හදුනා ගැනීම වැදගත් බවයි.

මෙහිදී ඇතිවන තවත් ගැටළුවක් වනුයේ, ඇතැම් දෙමවුපියන් දරුවාගේ රෝග විනිශ්චය කල් තියා ලබා ගත්තත් ඊට අවශ්‍ය වන සේවා වෙත යොමු නොවීමයි.  ඔවුන් ඒ පිළිබද නිසි දැනුවත් වීමක් සිදු නොවීම, දරුවාට තව වයස ඇති සිතීම ආදී බොහෝ හේතුන් නිසා ඇතැම් දෙමවුපියන් චිකිත්සා වෙත යොමු වීමට කල් ගනිති.

තවද, ඇතැම් දෙමවුපියන් නොදැනුවත් කම නිසා හෝ තම දරුවාගේ රෝග විනිශ්චය කල් ගත වී ලබා ගත්තා නම් නිතැතින් ම දරුවා චිකිත්සක සේවා වෙත යොමු වීම ප්‍රමාද වී ඇත.

මෙමගින් සිදු වන්නේ කුමක්ද? දරුවෙකු ගේ මුල් ළමාවිය සංවර්ධනය ඉතාමත් වැදගත් වේ. සාමාන්‍යයෙන් දරුවෙකු ගේ උපතේ සිට මුල් අවුරුදු 03 කාලය තුල මොලයේ වර්ධනය ඉතා ඉක්මනින් සිදුවේ. නමුත් අවුරුදු 05 දක්වා ම අපට ඒ සදහා කටයුතු කිරීමට හැකියාව පවතී. ඒ නිසාවෙන් ම, මෙම ඔටිසම්  තත්වය සහිත දරුවෙකු ටද පොදු වූ කරුණකි.

ඒ නිසා, දරුවාගේ රෝග විනිශ්චය ලබා දුන් වෛද්‍යවරයා ගෙන් නිවැරදිව හා පැහැදිලි ව උපදෙස් ලබා ගනිමින් චිකිත්සක සේවා වෙත යොමුවන්න. තවද, රෝග විනිශ්චය ලබා ගත් තැන සිට චිකිත්සක සේවා ආරම්හ කිරිම තුලින් දරුවාගේ සාධනීය වර්ධනයක් ලගා කර ගත හැකිය.

 

Beyond Speech Therapy Center

077-9392402

 

 

 

 

Comments

Popular posts from this blog

ඔබේ දරුවකුගේ නිසි භාෂා වර්ධනය ට ඔබට කළ හැකි දේවල් 08 ක් ....

දරුවන් තුළ සැගවී තිබිය හැකි “ඉගෙනුම් දුබලතාවය” හදුනා ගනිමු.

කථන හා භාෂා චිකිත්සාව (Speech and Language Therapy) පිළිබද ඔබ දැනුවත් ද ?