දරුවාගේ “කථන හා භාෂා වර්ධනයේ ප්‍රමාදය” වලක්වා ගැනීමට නිවසේදී කල හැකි දේවල්.....

 


 

අද වන විට බොහෝ දෙමවුපියන් මුහුණ දෙන තත්වයක් ලෙස  දරුවන්ගේ “කථන හා භාෂා ප්‍රමාදය”  හදුන්වා දිය හැකිය. ඒ සදහා ඇතැම් විට දෙමවුපියන් නොසිතා සිදුකරන බොහෝ දේ හේතු බවට පත් වී ඇත. ඔබේ දරුවා ටත් වයසට සරිලන පරිදි කථාව හා භාෂාව වර්ධනය නොවූ දරුවෙකු නම් දෙමවුපියන් ලෙස ඊට හේතු වූ කරුණු සොයා බැලීම ඉතාමත් වැදගත් වේ. ඉන් පසු අවශ්‍යතාවය මත වෛද්‍යවරයෙකු හෝ චිකිත්සකවරයෙකු වෙත යොමු වීම ඉතාමත් වැදගත්.

අද මෙම ලිපිය තුලින් සරලව ඉදිරිපත් කරනු ලබන්නේ සැම දෙමවුපියෙකු ටම තම දරුවාගේ කතාව හා භාෂාව  මනා ලෙස වර්ධනය කර ගැනීමට කල හැකි දේවල් කිහිපයකි.

වර්තමානයේ බොහෝ දරුවන් පරිසරයත් සමග සම්බ න්ධ වන ප්‍රමානය ඉතාමත් අඩු වී ඇත. දෙමවුපියන්ගේ කාර්යබහුලත්වයත් සමග දරුවන්  දෙමවුපියන් සමග සිටින කාලය ද සිමා වී ඇත. නමුත්, දරුවන් හට පරිසරයත් සමග ගැටෙමින් ලබා ගන්නා අත්දැකීම් හා පරිසරයෙන් ලැබෙන උත්තේජන නිසි වර්ධනය සදහා ඉතාමත් වැදගත් බව ඔබ සිතුවාද?  ඒ නිසා ඔබත් ඔබේ දරුවා සමාග ගත කරන කාලය අවම නම්, දරුවා පරිසරයට සම්භන්ධ කරන කාලය අඩු නම් ඒ පිළිබද සිතා ඊට අවශ්‍ය කාලය වෙන් කරගැනීම ප්‍රථමයෙන් සිදු කල යුතුය.

තවද,   අප  කුඩා කාලයේදී අපගේ අතේ නිතරම කුමන හෝ සෙල්ලම් බඩුවක් තිබුනා නැත්තම් සෙල්ලම් ගෙයක් හදාගෙන සෙල්ලම් කෙරුවා ඔබටත් මතක ඇති. නමුත් අද වන විට බොහෝ දරුවන්ගේ අතේ තියෙන්නේ phone එකක් හෝ Tablet යන්ත්‍රයකි. ඔවුන් ඒවගෙන් විවිධ දේ කරමින් කාලය වය කර දමති. ඉන් සිදුවන දේ මිට පෙර ද ඔහෝ දීර්ඝ ලෙස සාකච්චා කර ඇත. ඉතින් ඔබේ දරුවාත් screen සමග ගත කරන කාලය වැඩි නම් ඒ සදහා කටයුතු කිරීමත් ඔබට සිදු කල හැකිය.

ඔබේ දරුවා ට මේ වන විටත් කතන ප්‍රමාදයක් පවතිනවා නම් ඔබගේ නිවාස තුල දරුවා ට නිදහස් පරිසරයක් සකස් කරමින් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. අනවශ්‍ය ලෙස දරුවා stress කරමින් “වචන කියන්න”, “කෝ කෝ කියන්නකෝ” ආදී ලෙස පවසමින් දරුවාට පිඩා කාරී පරිසරයක් ගොඩ නැගීම නොකළ යුතුය. සරල බසින් කතා කිරීම, නිතර  දරුවා සමග කතා කිරීම, දරුවාට  ඇසෙන ලෙස වචන උච්චාරණයකිරීම, ගීත ගායනා කිරීම ඔබට නිවසේදී සිදු කල හැකි සරල දේවල් කිහිපයකි. මිට අමතරව දරුවා ට සිදු කිරීමට දෙන චිකිත්සක ක්‍රියාකාරකම් ඒ ආකාරයෙන් නිවසේදී සිදු කිරීමද ඔබට කල හැකිය.

එමෙන්ම, ඔබ දරුවා සමග සෙල්ලම් කිරීමට කුඩා කාලයක් වෙන් කර ගැනීම ඉතාමත් වැදගත්. බොහෝ අම්මලා දරුවන් සමග නිතරම අධ්‍යාපනික ක්‍රියාකාරකම් පමණක් සිදුකිරීමට උනන්දුවක් දක්වති. එක අධ්‍යාපනික ක්‍රියාකාරකමක්  ඉවර වන විට තවත් අධ්‍යාපනික ක්‍රියාකාරකමක් කිරීමට ඔබ උනන්දු වනවා සේම දරුවා සමග කුළුපගව යන සෙල්ලමක් කිරීමට ද කුඩා කාලයක් වෙන් කර ගැනීම ඉතාමත් වැදගත් වේ. ඒ අතර තුර සන්නිවේදනයේ  දීම, ඒ ආශ්‍රිත වචන කියා දීම ඒ තුලින් ඔබට සිදු කල හැකිය.

 

Beyond Speech Therapy Center

Speech Therapy Unit

077-9392402

 

 

Comments

Popular posts from this blog

ඔබේ දරුවකුගේ නිසි භාෂා වර්ධනය ට ඔබට කළ හැකි දේවල් 08 ක් ....

දරුවන් තුළ සැගවී තිබිය හැකි “ඉගෙනුම් දුබලතාවය” හදුනා ගනිමු.

කථන හා භාෂා චිකිත්සාව (Speech and Language Therapy) පිළිබද ඔබ දැනුවත් ද ?