සාක්ෂරතාවයේ සංවර්ධන අවදීන් (Literacy Milestone) හදුනා ගනිමු.

 

සාක්ෂරතාවයේ සංවර්ධන අවදීන් (Literacy Milestone) හදුනා ගනිමු.






ඔබේ දරුවා ගේ වයස ට  තිබිය යුතු සාක්ෂර කුසලතා පිළිබද ඔබ දැනුවත් වීම දෙමවුපියන් වශයෙන් බොහෝ වැදගත් වේ. ඒ අනුව,

ඔබේ දරුවා ,

අවු 0-2   අතර නම්

·             කියවීම රසවිදියි.

·             කෙටි හා සරල කතා වලට අවධානය දෙයි.

·             පොත් වල පිටු පෙරලයි.

·             පින්තුර ඇගිල්ලෙන් පෙන්වයි. (Pointing)

·             බොහෝ නාම පද, ක්‍රියා පද හදුනයි.

 

අවු 2-3 අතර නම්

·             පොත නිවැරදිව අල්ලයි.

·             කෙටි හා සරල ප්‍රශ්න වලට පිළිතුරු දෙයි.

·             සරල ගීත ගායනා කරයි.

 

අවු 3-4 අතර නම්

·             අකුරු හදුනා ගැනීම ආරම්භ කරයි.

·             පොත් කියවන බව අනුකරණය කරමින් පෙන්වයි.

·             ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු දෙයි.

 

අවු 4-5 අතර නම්

·             අසා ඇති කතන්දර නැවත පවසයි.

·             සිදුවීමක් අනුපිලිවෙලට සකස් කරයි/ පවසයි.

·             ශබ්දයට අදාළ අකුර හදුනා ගැනීම ආරම්භ කරයි.

·             එකම අකුරින් ආරම්භ වන වචන වෙන් කර හදුනා ගනියි.

 

    ඔබේ දරුවා නිසි වයසට සාක්ෂර කුසලතා වෙත ලගා නොවුනහොත් ඒ තුලින් පසු කාලීනව “ඉගෙනුම් දුබලතා” එනම් “Learning Disability” තත්වය වර්ධනය වීමේ අවධානමක් පවතී. ඒ හේතුවෙන් ම මේ පිළිබද දැනුවත් වීම ඉතා වැදගත් වේ.  පෙර පාසල් යන වයසේ දරුවන් ඉගෙනුම් දුබලතා තත්වයේ පුර්ව ලක්ෂණ පෙන්නුම් කරන බව ඔබ දන්නවාද?

මෙම ලක්ෂණ වලින් 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඔබේ දරුවටත් පවතී නම් අධ්‍යාපන චිකිත්සකවරයෙකු වෙත යොමු වීම වැදගත් වේ.

1.ඉගෙනුම් දුබලතා සහිත කෙනෙක් ඔබගේ පවුලේ මිට පෙර සිටියේද?

2.ඔබේ දරුවාගේ කතාව ප්‍රමදයිද?

3.ඔබේ දරුවා හට ගොතය පවතීද?

4.අලුත් වචන ඉගෙන ගැනීමට කල් ගත කරනවාද?

5.නිවැරදි වචන මතක් කිරීමට අපහසුතාවයක් පවතීද?

6.හුරු ඇත පැහැදිලිව පෙන්නුම් නොකරයිද?

7.ලබා දෙන උපදෙස් අනුගමනය කිරීමට අපහසු ද?

8.ගීත ගායනා කිරීම ගැටලුකාරිද?

9.වචන උච්ච්රන ගැටළු පවතීද?

10අකුරු, ඉලක්කම්,පාට,හැඩතල,දවස් ආදිය ඉගෙන ගැනීම, මතක තබා ගැනීම අපහසුද?

11.අකුරු එකතු කර වචනයක් ලිවිම හා වචනයක ඇති අකුරු වෙන් කිරීම අපහසු ද?

 

- ඔබේ දරුවාටත් මෙවැනි ගැටළු පවතී නම් අධ්‍යාපන චිකිත්සක සේවා ලබා ගැනීමට අප අමතන්න.

 

Beyond Speech Therapy Center

Educational Therapy Unit

077-9392402

FB page: https://www.facebook.com/Beyond-Speech-Therapy-Center-1091535334362022/

 

 

 

 

 

 

 

 

         

Comments

Popular posts from this blog

ඔබේ දරුවකුගේ නිසි භාෂා වර්ධනය ට ඔබට කළ හැකි දේවල් 08 ක් ....

දරුවන් තුළ සැගවී තිබිය හැකි “ඉගෙනුම් දුබලතාවය” හදුනා ගනිමු.

කථන හා භාෂා චිකිත්සාව (Speech and Language Therapy) පිළිබද ඔබ දැනුවත් ද ?