Posts

Showing posts from December, 2020

“ඔටිසම් තත්වය” සහිත දරුවෙකු ට චිකිත්සාවන් ආරම්භ කල යුත්තේ කුමන වයසේදී ද?

Image
  දරුවෙකු ට ඔටිසම් තත්වය ඇති බවට වෛද්‍ය වරයෙකු විසින් රෝග විනිශ්චය ලබා දුන් මොහොතේ   සිට දෙමවුපියන් හට බොහෝ ගැටළු පැන නගිති. ඒ අතර, F   මොකද්ද මේ ඔටිසම් කියන්නේ? F   අප දැන් කල යුත්තේ කුමක්ද? F   දරුවා දියුණු වේවිද? F   අපි යන්න ඕනි කොහෙටද? කා ලගටද? F   මොනවද කරන්න ඕන Therapy? F   Therapy පටන් ගන්න ඕනි වයස කුමක්ද? ඉන් සමහරකි. මේ ගැටළු සියල්ලෙන් ම අප අවසාන ගැටලුව පමණක් අද සාකච්චා කිරීමට සිතුවා. බොහෝ විට දරුවන් තුල පවතින ඔටිසම් තත්වය අවුරුදු 3 වන විට හෝ ඊට ප්‍රථම හදුනා ගන්න පුළුවන් කම තිබේ.   එම රෝග විනිශ්චය එක් එක් දරුවාට ලැබෙන කාලය වෙනස් වීමට ඉඩ කඩ පවතී. මන්ද, ඇතැම් දෙමවුපියන් මෙහි ලක්ෂණ ඉතාමත් ඉක්මනට හදුනා ගෙන වෛද්‍යවරයෙකු වෙත යොමු වන අතර තවත් සමහර දෙමවුපියෙකු මෙම රෝග විනිශ්චය ලබා ගැනීමට කල් ගත කරති. නමුත් කිව යුතු දෙය වන්නේ ඔබේ දරුවාගේ වර්ධය පිළිබද ගැටළුවක් ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඒ පිළිබද හැකි විගස හදුනා ගැනීම වැදගත් බවයි. මෙහිදී ඇතිවන තවත් ගැටළුවක් වනුයේ, ඇතැම් දෙමවුපියන් දරුවාගේ රෝග විනිශ්චය කල් තියා ලබා ගත්තත...

ඔබත් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුගේ දෙමව්පියෙකු ද ?

Image
  විශේෂ අවශ්යතා සහිත දරුවන් පිළිබඳ අද වන විට බොහෝ දෙනා කතා බහට ලක් කරනවා . එමෙන්ම නිතර ඇසෙන සහ දකින මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවකු සිටින   දෙමව්පියෙක් හෝ ගේ වගකීම කෙබඳු ද?   ඒ සමගම ඔවුන් ක්‍රියා කළ යුත්තේ කෙසේද?   අද මෙම ලිපියෙන් කතා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳවයි. බොහෝවිට උපතේදී හෝ උපතින් පසුව විශේෂ අවශ්යතා සහිත දරුවන් නිර්ණය කරනු ලබති. එහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් විවිධ කාණ්ඩ වලට වෙන් කරති.   එහිදී ශාරීරික ආබාධ, කායික ආබාධ, හා   මානසික ආබාධ යනුවෙන් ප්‍රධාන කොටස් ත්‍රිත්වයක් ඇත. මේ කුමන කාණ්ඩයට අයත් විශේෂ අවශ්‍යතා සහිත දරුවකු සිටින දෙමව්පියෙකුට, සාමාන්‍ය දරුවකු සිටින දෙමව්පියෙකු ට වඩා විශේෂ වූ භූමිකාවක් තිබෙනවා. එය හඳුනා ගැනීම හා ඒ ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වන්නේ ඒ නිසාවෙනි. විශේෂයෙන්ම, විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ වර්ධනය, අධ්‍යාපනය, සමාජගත කිරීම, වැනි කරුණු මෙන්ම වයසත් සමඟ ඔවුන් රැකියා ගත කිරීම පිළිබඳ සුවිශේෂී අරමුණකින් කටයුතු කිරීම දෙමව්පියන්ගේ හිස මත තිබෙන ප්‍රධාන කරුණු වේ.   මෙම තත්ත්වය...