Posts

Showing posts from May, 2021

ඔබේ දරුවකුගේ නිසි භාෂා වර්ධනය ට ඔබට කළ හැකි දේවල් 08 ක් ....

Image
  වර්තමානය වන විට දෙමව්පියන් බොහෝ කාර්ය බහුල වීම තුළින් දරුවන්ට දරුවන්ගේ නිසි වර්ධනය ට අවශ්‍ය වන උත්තේජන නිසි ලෙස නොලැබීයාම සුලබ තත්ත්වයක් බවට පත්ව ඇත. ඒ නිසාවෙන් ම බොහෝ දරුවන් ගේ කතාව හා භාෂා වර්දනයේ ප්‍රමාදයක් පැවැත්වීම ද දැකගත හැකි තත්වයකි. අතීතයේදී බොහෝ දරුවන් පරිසරය සමඟ බද්ධ වෙමින් කාලය ගත කිරීමෙන්   හා පරිසරය හා සමග බද්ධ වෙමින් සෙල්ලම් කරමින් අත්දැකීම් ලබමින් කල් ගත කළේය. නමුත් වර්තමානය වන විට දරුවන් බොහෝ කාර්ය බහුල වී සිටින්නේ ජංගම දුරකතන හා රූපවාහිනී තිර ඉදිරිපිට වීම කාලය සමඟ ඇති වූ වෙනසකි. දරුවෙකු භාෂාව ඉගෙන ගැනීම ආරම්භ වන්නේ මව්කුස පිළිසිඳ ගත් දා පටන් ය. මව් කුසින් මෙලොව එළිය දුටු දා සිට දරුවන් භාෂාව , කතාව හා සන්නිවේදනය කිරීමට ඉගෙන ගනු ලබන්නේ පරිසරයෙන් ලැබෙන උත්තේජන , දෙමව්පියන් හා පරිසරයෙන් ඇති වෙන ශබ්ද හඳුනාගැනීම ,   සමිපතයින් සමග කාලය ගත කිරීම , සෙල්ලම් කිරීම තුළින් ලබාගන්නා අත්දැකීම් හා අභියෝග ජයග්‍රහණය තුළිනි. නමුත් වර්තමානයේ මෙවන් උත්තේජන නොලැබී යාමේ ප්‍රතිඵලයක් ලෙස දරුවන් ගේ කතාව භාෂාව හා සන්නිවේදනය මෙන්ම බුද්ධිමය කුසලතා හා පෞරුෂ වර්ධන ගැටලු ...